සැබෑ ලෙසම මහා අස්‌ථාන කුමරු පසු කලෙක පියා වූ සෙනරත් රජු ඇවෑමෙන් දෙවන රාජසිංහ නමින් රජ වූ
පෙර සිට මෙලක්‌දිව තුළ යසසින් දිමුත
රුපුමැඩ රණබිමෙහි ජයසිරිලත් මහත
ගලගොඩ මැතිඳුහට හේවාහැට නියුත
තිරකොට ඇතකු හා ගම්වර දුන මහත
සමන් කොහොත ගලගොඩ ගුරු මැතිඳුහට ගම්වර කුළුණු සලසා දී මානයට සදෙනෙකු දුර දනන් දරදිය මේ වරට බාරදුන්න මතුරට නිලය වෙන්කොට එක් කතුවරයකුගේ ග්‍රන්ථයක් නොවන මන්දාරම්පුර කාව්‍යය මුලින්ම රචනා කරන ලද්දේ ක්‍රි. ව. 1647 දී සළු වඩන නිලමේ තනතුර දරන ලද විකුම් ඇදුරු නම් පඬිවරයකු විසිනි. එම ග්‍රන්ථයේ දෙවන අදියර රචනා කරන ලද්දේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේදී ගලගොඩ දිසාවේ මැතිඳුගේ ආරාධනයෙන් උනම්බුවේ නම් යතිවරයෙකු විසිනි. මන්දාරම් පුර පුවතේ පහත සඳහන් කවියෙන් ගලගොඩ දිසාවේ මැති යුද ශිල්පය පමණක් නොව සාහිත්‍යය කටයුතු සම්බන්ධයෙන් ද උනන්දුවක් දැක්‌වූ අයකු බව පෙනේ.
යළිත් ලක්‌සිරි ලැබුව උතුමන් පබඳ වතගොත පවසනා
ලෙසින් අයෑදුම් කළ බැවින් ගලගොඩ දිසාවේ මැතිඳු විසිනා
පිරී දෙදහස් දෙසිය පන්සාලිසේ බුදුවස දුරුතු පුරෙනා
ගොතා කව්බස උනම්බුවේ යති මතුව තොරතුරු පවසනා
දෙවන රාජසිංහ රජු සමයේ ප්‍රතිකාල් ආක්‍රමණයකට ගන්නෝරුවේදී රජු මුහුණදුන් අතර එම සංග්‍රාමයේදී ගලගොඩ දිසාවේ මැති කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකළ බැවින් හේවාහැට දිසා පදවියෙන් පිදුම් ලද බව මන්දාරම්පුර කාව්‍යයෙන් තවදුරටත් තොරතුරු හෙළිවෙයි. එසේම මෙම කාව්‍යයෙන් aහෙළිවන තවත් කරුණක් නම් දෙවන රාජසිංහයන්ට පසුව රාජ්‍යත්වයට පත් දෙවැනි විමලධර්මසූරිය රජු සමයේ පහතරට ප්‍රදේශයෙන් පැමිණි ඕලන්ද සේනාංකයක් විසින් වෙහෙර දේපළ විනාශ කරමින් සිදුකළ මංකොල්ලකාරී ආක්‍රමණයකට එරෙහිව සේනා මෙහෙයවමින් ගලගොඩ මැතිඳු සටන් වැදුණු බවය.
ගලගොඩ පරපුරේ ස්‌වර්ණමය යුගය ලෙස ක්‍රි.ව 1747 - 1781 දක්‌වා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය සමය සැලකිය හැක. වර්ෂ 1757 දී මුංවත්තේ අදිකාරම් හෙවත් ගලගොඩ දිසාව විසින් ඌවේ මහ දිසාව තනතුරත් පහතරට මහ දිසාව තනතුරත් යන තනතුරු දෙකම උසුලන ලදී. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පළමු අදිකාරම් ධුරය හෙවත් පල්ලේ ගම්පහ අධිකාරම් ධුරය දැරූ සමණක්‌කොඩි අදිකාරම රජු මැරවීමට කළ කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමෙන් ඔහුට හිස් ගැසුම් කා මිය යැමට සිදු විය. ඉන්පසු රජුගේ විශ්වාසය දිනා සිටි ගලගොඩ දිසාව (මුංවත්තේ අදිකාරම්) රජුගේ පළමු අදිකාරම් ධුරය හෙවත් පල්ලේ ගම්පහ අදිකාරම් ධුරයට පත්විය. වර්ෂ 1760 සිට 1766 දක්‌වා කාලසීමාවේදී මෙම ප්‍රධාන තනතුරට අමතරව තවත් තනතුරු විස්‌සක් පමණ මෙතුමා උසුලන ලදී. මෙම කාලසීමාවේදී මෙතුමාගේ සොහොයුරකු වූ ගලගොඩ දිසාවේ වරයෙක් ඌවේ මහ දිසාව තනතුරත් නුවරකලාවිය දිසාව තනතුරත් උසුලන ලදී.
වර්ෂ 1760 දී මෙම සොහොයුරන් දෙපළ මෙහෙයවන ලද සිංහල සේනාංක මගින් මාතර කටුවන කොටුව සහ සබරගමුව පළාත ආසන්නව තිබූ බිබිලේගම කොටුව යනාදී වශයෙන් ලන්දේසි බලකොටු කිහිපයක් යටත් කරගන්නා ලදී. මෙම සටන්වලදී ලන්දේසින් විශාල පිරිසක් සිරකරුවන් ලෙස අත්අඩංගුවට පත්විය. ගලගොඩ මුංවත්තේ අදිකාරම්තුමා විසින් මුල්කිරිගල විහාරයේ වැඩිදියුණුවට ඉඩම් පූජාකර එහි ප්‍රතිසංස්‌කරණ කටයුතු ද ඉටු කරන ලදී. එසේම ලන්දේසීන්ගේ විරෝධතා මධ්‍යයේ පහතරට ප්‍රදේශයන්ගේ විශේෂයෙන්ම මාතර, වැලිගම සහ ගිරුවාපත්තුව යන පෙදෙස්‌හි ප්‍රභූන්, භික්‍ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය ජනතාව සමග සමීප සබඳතා පවත්වාගෙන යන ලදී. උදාහරණයක් ලෙස ගිරුවා පත්තුවේ හතුරුවෙල වලව්වේ බංඩාරනායක මුදියන්සේ සහ ගලගොඩ දිසාව අතර සමීප සබඳතා තිබුණි.
එම මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස ගලගොඩ දිසාවගේ පුතකු වූ පේරාදෙණිය ලේකම් හෙවත් මීවතුරේ ලේකම් විවාහ වූයේ බණ්‌ඩාරනායක මුදියන්සේගේ දියණියක් සමගය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ සිදු වූ වැදගත් ශාසනික මෙහෙවරක් වූ සියම් දේශයෙන් උපාලි තෙරුන්වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා වැඩමවීමේ ක්‍රියාවලියටත් අනතුරුව වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන්ගේ මඟ පෙන්වීම ඔස්‌සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සිදුකරන ලද දිවයිනේ බොහෝ වෙහෙර විහාර ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ගලගොඩ දිසාව සහ ගලගොඩ අදිකාරම් මහත් දායකත්වයක් දැක්‌වීය. මාරස්‌සනට ආසන්නව පිහිටි තලාව රජමහා විහාරයේ පිහිටි චිත්‍ර මගින් මෙම ගලගොඩ සහෝදරයන් යුවල දර්ශනීය ලෙස නිරූපණය කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පක්‍ෂපාතීත්වය දක්‌වමින් පහතරට ලන්දේසි ආක්‍රමණයන්ට එරෙහිව සටන් කර ලබාගන්නා ජයග්‍රහණයන්ට සහ දිවයිනේ විහාර ආරාම ප්‍රතිසංස්‌කරණයේ ලා දක්‌වන ලද දායකත්වය හේතුකොට රජු විසින් ගලගොඩ පරපුරට ගම්වර කිහිපයක් ප්‍රදානය කොට ඇත. ගලගොඩ දිසාවගේ අභාවය 1777 දී සිදුවී ඇත.
දෙවන රාජසිංහ රජුගේ සිට අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලය දක්‌වා රජවරුන් සත් දෙනකු රාජ්‍ය කළ අතර එම කාල සීමාවේදී ගලගොඩ පරපුරේ දිසාපතිවරුන් සත් දෙනකු ද රාජකාරී ඉටුකළ බව පැවසේ. ගලගොඩ රදළවරුන්ගේ කාන්තා පක්‍ෂයට අයත් වූවන්ද කඩුශිල්පයට දස්‌කම් පෑ බව සඳහන් රසවත් ජනකථාවක් ජනප්‍රවාදයේ පවතී. මෙය සිදුව ඇත්තේ නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍ය සමයේය. එවකට සිටි ගලගොඩ දිසාපතිතුමාට රූමත් දියණියක් සිට ඇති අතර ඇය ඥාතිත්වයෙන් තමන්ගේ මස්‌සිනා වූ දොඩම්වල බණ්‌ඩාර නම් අයෙකු හා පෙමින් වෙලී සිට ඇත. ගලගොඩ ග්‍රාමය අසල දංගමුවේ වලව්වක වාසය කළ දංගමුවේ බණ්‌ඩාර නම් කඩුශිල්පයේ බොහෝ දස්‌කම් පෑ තරුණයෙක් මෙම ගලගොඩ තරුණියගේ සිත දිනාගැනීමට උත්සාහ දරා ඇත. සිය මස්‌සිනා වූ දොඩම්වල බණ්‌ඩාර හා අවංක ලෙස ප්‍රේමයෙන් වෙලී සිටි ඇය දංගමුවේ බණ්‌ඩාරගේ ආයාචනය ප්‍රතික්‍ෂ්ප කර ඇත. මෙයින් කෝපයට පත් දංගමුවේ බණ්‌ඩාර දොඩම්වල බණ්‌ඩාර තමා හා ද්වන්ධ සටනට පොළඹවා එම සටනේදී ඔහු මරා දමන ලදී.
දිවයින පුවත්පත ඇසුරින් (2010-08-15) වෛද්‍ය ඒ.එම්.යූ.ඒ.බී.අධිකාරි
අතර සිය ගලගොඩ මිතුරාට ඌවේ මහ දිසාව තනතුර ලබාදෙන ලදී. එසේම තම උපන් ගම් ප්‍රදේශය වූ
හේවාහැට, රටේ මහත්මයා තනතුරක්‌ද ප්‍රදානය කරන ලදී. සෙනරත් රජු රාජ්‍ය පාලනය කරන අවධියේ
ප්‍රතිකාල් සෙනවියකු වූ කුස්‌තන්තීනූ ද සාගේ නායකත්වයෙන් පැමිණි ප්‍රතිකාල් සේනාව ඌව ප්‍රදේශයේ
රණ්‌දෙනිවෙලදී පරාජය කිරීමට ගලගොඩ පරපුරේ මැතිඳුන් දෙපළත් දායක විය. එම පුවත මන්දාරම් පුර
පුවත නම් කාව්‍යයේ දක්‌වන පරිදි මෙසේය.

0 comments:
Post a Comment