වීර ක්‍රියා

ගලගොඩ පවුලේ වීර ක්‍රියා
මාතර කටුවන සටන.
            01. ගලගොඩ අධිකාරම් හා ඔහුගේ සහෝදරයා අතර ලන්දේසීන්ට විරුද්ධව සැලසුම් සකස් වූ අතර 1760 දී මාතර කටුවන මාර කඩේ ආදී බලකොටු කිහිපයක් විනාස කරන ලදී. මෙය විදේශික ආක්රකමණිකයින්ට එරෙහිව සිදු වූ අවසන් සාර්ථක කැරැල්ල විය.
02.  ගලගොඩ දිසාපතිතුමාට රූමත් දියණියක්‌ සිට ඇති අතර ඇය ඥාතිත්වයෙන් තමන්ගේ මස්‌සිනා වූ දොඩම්වල බණ්‌ඩාර නම් අයෙකු හා පෙමින් වෙලී සිට ඇත. ගලගොඩ ග්‍රාමය අසල දංගමුවේ වලව්වක වාසය කළ දංගමුවේ බණ්‌ඩාර නම් කඩුශිල්පයේ බොහෝ දස්‌කම් පෑ තරුණයෙක්‌ මෙම ගලගොඩ තරුණියගේ සිත දිනාගැනීමට උත්සාහ දරා ඇත. සිය මස්‌සිනා වූ දොඩම්වල බණ්‌ඩාර හා අවංක ලෙස ප්‍රේමයෙන් වෙලී සිටි ඇය දංගමුවේ බණ්‌ඩාරගේ ආයාචනය ප්‍රතික්‍ෂ්ප කර ඇත. මෙයින් කෝපයට පත් දංගමුවේ බණ්‌ඩාර දොඩම්වල බණ්‌ඩාර තමා හා ද්වන්ධ සටනට පොළඹවා එම සටනේදී ඔහු මරා දමන ලදී.
තරුණිය සිය වලව්ව තුළට වී දින කිහිපයක්‌ ශෝකයෙන් ගතකර සිය දෙමව්පියන්ට රහසින් නිවසින් පිටව ගොස්‌ දංගමුවේ බණ්‌ඩාරගෙන් පළිගනු පිණිස හොඳින් කඩු ශිල්පය හැදෑරීමට පිරිමි වෙස්‌ගෙන ඉන්දියාවට ගොස්‌ මලයාලි ශිල්පීන් වෙතින් අවුරුදු කිහිපයක්‌ කඩු ශිල්පය හදාරා නැවත ලක්‌දිවට පැමිණ ඇත. ඉන්දියාවේ සිට ලන්දේසි නැවකින් කොළඹට පැමිණි මලයාලි ජාතිකයකු සේ වෙස්‌වලාගෙන සිටි ඇය කොළඹදී ලන්දේසි සහ පහතරට සිංහල දක්‍ෂ කඩු ශිල්පීන් කිහිප දෙනෙකු පරාජයට පත්කර මහත් ප්‍රසිද්ධියට පැමිණ ඇත. ටික දිනකින් මහනුවර කන්ද උඩරට රජු බැහැදැක තමා මලයාලි ජාතික කඩු ශිල්පියෙකු බවත් රජු යටතේ සිටින ඕනෑම කඩු ශිල්පියෙකු හා සටන් වැදී ජයගන්නා ලෙසට අභියෝග කරන බවත් පැවැසීය. එම අභියෝගය බාරගත්තේ එවකට කන්ද උඩරට දක්‍ෂම කඩු ශිල්පියා වූ දංගමුවේ බණ්‌ඩාරය. සිය ආදරණීය පෙම්වතා නිකරුනේ මරා දැමීම නිසා දංගමුවේ බණ්‌ඩාර හා දැඩි වෛරයකින් සිටි ගලගොඩ තරුණිය දැඩි අදිටනින් සටන් වැදුණු අතර ඇයට දංගමුවේ බණ්‌ඩාරයන්ට වඩා අඩි කිහිපයක්‌ අහසේ ඉහළට පැන කරණම් ගසා කඩු ශිල්පයේ යෙදීමට මලයාලි ශිල්පීන් වෙතින් ඉගෙන ගෙන තිබිණි. සටන කෙළවර වූයේ දංගමුවේ බණ්‌ඩාර මරණයට පත්වීමෙනි. රජු තමන්ට සිටි දක්‍ෂම කඩු ශිල්පියා මලයාලි ජාතිකයෙක්‌ වෙතින් මරණයට පත්වීම ගැන මහත් සේ ශෝකයට පත්විය. පිරිමියකු සේ වෙස්‌වලා සිටි සිය ඇඳුම් ඉවත්කර තමා අභියස වැඳ වැටී සිටින සුකුමාල තරුණිය අන් කවරෙකුවත් නොව ගලගොඩ දිසාවගේ දියණිය බව දැනගත් රජු ප්‍රීතියෙන් පිනාගොස්‌ ඇයව බිසෝ වස්‌ත්‍රාභරණයෙන් සරසා ෙද්‍රdaලාවක හිඳුවා මහනුවර නගරය පුරා පෙරහැරකින් ගොස්‌ එම පෙරහැරින්ම ගලගොඩ වලව්වට පිටත් කර හරින ලදී. එසේම ඇයට රජු විසින් ගම්බාර පිරිනැමීම සහ ත්‍යාග පිරිනමා සම්මානයට පාත්‍ර කරන ලදී. සිය ඉදිරි ජීවිත කාලය සිය පෙම්වතා වූ දොඩම්වල බණ්‌ඩාරයන්ට ගෞරව පිණිස අවිවාහකව සිට තමන් උගත් කඩු ශිල්පය සිය පරපුරේ ඥතීන්ට සහ වෙනත් ශිල්පීන්ට ඉගැන්වූ බව මෙම ජන ප්‍රවාදයෙන් පැවැසේ.
03. වර්ෂ 1803 දී උඩරට ආක්‍රමණය කළ ඉංග්‍රීසි සේනාංකය සහ එවකට සිටි ගලගොඩ දිසාව හා සබැඳුණු රසවත් ජනප්‍රවාද කිහිපයක්‌ ඇත. එයින් එක්‌ ජනප්‍රවාදයකින් කියවෙන පරිදි පහත රටින් පැමිණි ඉංග්‍රීසි සේනාව මහනුවරට පැමිණෙන විට රජු සහ මහනුවර වැසියන් බොහෝ දෙනෙක්‌ නගරය අතහැර ගොස්‌ සිටි අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ආරක්‍ෂාව සඳහා උඩවෙල ග්‍රාමයට හෝ හඟුරන්කෙතට ගොස්‌ සිටියේය. ආක්‍රමණික ඉංග්‍රීසි හමුදාව රජු සෙවීමට කුඩා කණ්‌ඩායම් වශයෙන් අවට ගම් ප්‍රදේශයන්ට ගොස්‌ ඇත. එක්‌ ඉංග්‍රීසි හේවා කණ්‌ඩායමක්‌ ගලගොඩ වලව්ව ආසන්නයේ පිහිටි මාරස්‌සන තලාව රජමහා විහාර භූමියේ කඳවුරු බැඳ ඇත. එම ඉංග්‍රීසි සේවායින් අවට ගම්වැසියන්ගේ හරක්‌ බලහත්කාරයෙන් ලබාගෙන ආහාරය පිණිස විහාර භූමියයේදීම හරක්‌ මස්‌ පිණිස මරණ ලදී. මස්‌ කැපීමට භාවිත කරන ලද්දේ විහාරගෙයි උළු වස්‌සේ පඩිපොතය. දැනුදු තලාව විහාරස්‌ථානයේ එම පඩිපතෙහි මතුපිට පිහිවලින් කැපී ගිය ආකාරය දක්‌නට ලැබේ. තමන්ගේ වලව්ව ආසන්නයටම ඉංග්‍රීසි සේනා ඛණ්‌ඩය සිදුකරන නොපණත්නම් ආරංචි වූ ගලගොඩ දිසාව මහත් සේ කිපී, සාමාන්‍ය ගැමියෙකුගේ වෙස්‌ වලාගෙන සිය කඩුව තල් අත්තක ඇතුල් පැත්තේ සඟවා තල්අත්ත හිස ආවරණය කිරීමට රැගෙන යන ලෙසින් ඉංගී්‍රසි සේනා ඛණ්‌ඩය කඳවුරු බැඳි සිටි ස්‌ථානයට පැමිණියේය. එම අවස්‌ථාවේ ඉංග්‍රීසි හේවායින් විහාරස්‌ථානය අසල වෙල්යායේ එළිමහනේ විනෝදවෙමින් සිට ඇත. තමන් විනෝද වන ආකාරය දෙස බලාසිටින ගම්වැසියා දුටු ඉංගී්‍රසි හේවායින් කිහිප දෙනෙක්‌ ඔහු සමීපයට පැමිණ උසුළු විසුළු පෑ අතර ක්‍ෂණයකින් තල් අත්ත පසෙකට විසි වූ අතර සිය අතට හසුවුණු කඩුපත වේගයෙන් භ්‍රමණය කරමින් කරණම් ගසමින් ගලගොඩ දිසාව එම ස්‌ථානයේ සිටි සියලුම ඉංග්‍රීසි හේවායින් ඝාතනය කරන ලද අතර එම සිදුවීම ඉංග්‍රීසින්ට සිතා ගැනීමටත් නොහැකි අයුරින් සිදුවිය. සිදුවූ ලේ වැගිරීම කෙතරම් බලවත් වූයේද යත් දිසාපතිතුමාගේ කඩුව අතට තදින් ඇලී තිබුණු අතර ඇලී තිබුණු කඩුවත් සමගම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බැහැදැක සිදුවූ සියල්ල හෙළි කළේය. මහත් සන්තෝෂයට පත් රජු රන් කෙණ්‌ඩියෙන්a අතට පැන් වත්කර සියතින්ම ඇලී තිබුණු කඩුව වෙන් කළේය. අනතුරුව රජු තම උර පැළැඳි රන් මුතු මාලය ගලගොඩ දිසාවගේ ගෙලෙහි පළඳවා ගෞරව දක්‌වා ගම්වරද පුදන ලදී. මේ වීරක්‍රියාව නිසා ගලගොඩ පරපුරේ පෙළපත් නාමයට "රන් මුතුපට පැළැඳි" යන විශේෂ ගෞරව නාමයද එක්‌විය.
04.සිංහල හේවායිනට සුදුසු ත්‍යාග ප්‍රදානය කොට ඔවුන් රජුගේ හමුදාවට එක්‌කර ගන්නා ලදී. පොත් ගොඩක්‌ සේ මළ මිනී ගොඩ කළ ස්‌ථානය වර්තමානයේද පොත්ගොඩ නමින් හඳුන්වයි. අවසන් ගලගොඩ දිසාපති තුමා කඩු ශිල්පයේ කොතරම් කෙළ පැමිණියේද යත් තමන්ගේ සිරුරේ සම්පූර්ණයෙන්ම හඳුන් කල්ක ආලේපකර කඩුව සිරුර වටා කරකවා සියලුම හඳුන් කල්ක සිරුරෙන් ඉවත් කිරීමට හැකියාව තිබූ බව පැවැසේ. ගලගොඩ දිසාපතිතුමා සිය මහලු වයසේදී පවා අයෝමය කාය ශක්‌තියෙන් තරුණයන් අභිබවා සිටි අයෙකු බව තවත් ජනප්‍රවාදයකින් හෙළිවේ. සිය වලව්ව අසල මහ කුඹුරේ ගොයම් කපා රාත්‍රියේ කොළමැඩවීම හෙවත් කොළදිම සිදුකරමින් තිබූ දිනයක එකල මහළු වයසේ සිටි දිසාව පැමිණියේය. කොළදිමට පැමිණි ගැමියන්ගේ බලවත් පෙරැත්තය නිසා තරුණ කාලේ කළ හපන්කමක්‌ කර පෙන්වීමට දිසාවට සිදුවිය. ඒ අනුව කඩුවක්‌ වෙනුවට ශක්‌තිමත් පොල්ලක්‌ දිසාව ලබාගත්තේය. එතැන සිටි ගැමියන් හතර දෙනකු සිව් කොනේ සිටුවා එම ස්‌ථානයේ ගල් රැස්‌කර තමන් වෙත හැකිතරම් වේගයෙන් වෙරදමා ගල් දමා ගසන ලෙස ඉල්ලා සිටියේය. දිසාව අත රැඳි පොල්ල ඉතා වේගයෙන් භ්‍රමණය වෙමින් දිසාව වටා වළල්ලක්‌ සෑදෙන ලෙස දිස්‌විය. විසීකරන ලද ගල් එකක්‌ වත් සිරුරේ නොවැදී කරකවන ලද පොල්ලේ වැදී ඉවතට විසිවූ අතර කඩුවක්‌ ලදොත් මේ වයසේදී වුවද සතුරන් පෙති ගැසිය හැකි බව ගැමියන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ පැවැසීය.
05. 1818 කැරැල්ලට සම්බන්ධ ගලගොඩ නිළමේ වරයතු අත් අඩංගුවට ගැනීමට සුද්දන් පැමිණ සිටියේ ය. වෙල්ලස්ස ප්‍රදේශයේ අලුපොත දී නිලමෙව වටකරන ලදී. අල්වාගත් නිලමේ වලංගු දමන්නට පෙර සුදු හේවායාගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ ඔහුගේ දකුණු පාදයේ මහපටඟිල්ලේ හුනු ස්වල්පයක් තවරණ ලෙසටය. නෝන්ජල් සිනාවක් පා එය වහා ඉටු කළේ ය.  සුදුවුයේ අරුමයකි. නිලමේව වටකොට සිටි හේවායින්ගේ නලලත හුනු තැවරී ඇත. කවයක් සේ වටකරගෙන සිටි නිලමේ පාදය විදුලි වේගයෙන් සිය නලලත් මත ස්පර්ශ වූ බව පසක් වූයේ ඉන් පසුවය. අහසට පැන විදුලි වේගයෙන් භ්‍රමණය කරන්නට තරම් නිළමේ රණ සූරයකු වීය.


    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment