╰☆╮සෙත්වේවා!..╰☆╮

පෙර දවසැ සිටැ ලොවැ අපරාජිත ජාතියක් වේ නම් ඒ සිහලුන්ගේ සීහල දීපයයි. රත්නදීප, ධම්මදීපාදි විරුදාවලින් ලෝවැස්සන්ගේ ඉමහත් ගෞරවාදරයට නිතැතින් පාත්‍රවේ. හාත්පස සමුදුරු පව්වෙන් ප්‍රාකාර වූ සමණොල වැනි ගිරි සිඛර වලින් යුක්ත වූ මෙබිම භූ විෂමතා ලක්ෂණ වලනිදු විශේෂත්වයක් දරයි. රතනාකරයක් වූ මෙබිම රත්නදීප නමින්ද හැඳින්වේ. මෙබිම සල්, සපු,නා, පනා, කොළොන්, මී, මදු, රසකිඳ,තික්ත ආදි රූක්ෂ තුරු ලතා මඩු වලින් සෝබර මෙන්ම අඹ, දොඩම්, දිවුල්, පේර, වීර, පලු, මොර ආදී පළතුරින්ද මහි බට බිජුවක් පන ලබන්නාවූ තරම් සරු පසකින් ද යුතු බව කීම අතිශයෝක්තියක් නොවේ. හමනා මද නලින් ද ගලනා දිය ශීරාවෙන්ද සූර්යය රශ්මියෙන් ද සිසිලසත් උනුසුමත් අතර ඇති සම ගුණයෙන්ද යුතු මෙබිම පිසාසිත නෙත් වල පවස නිවනා මහැඟි පැන්සැලකි.‍ වැඩි කතා මන්ද මෙසිරිලක කුවේරගේ අලකපුරටත් සරි නොවේ..


පෙරැ දවසැ අප සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්ගේ පාදස්පර්ශයෙන් තෙවරක්ම පවිත්‍රත්වයට පැමිණියාසේම මෙහි වැසි අප පැරැන්නෝ ද ධර්මාවබෝධයම ලැබූ බව අතීතය මෙන්ම වර්තමානය ද ශාක්ෂී දරයි. අපූර්වතම කාරණයක් නම් මෙහි  දසරථ රාවනා වැනි ලෝක අධිරාජ්‍යවරුන්ගේද පුරවරය වීමයි. යක්ෂ, නාග, රාක්ෂ, දේව ගෝත්‍ර යන නමින් සතරක් මෙහි විසීය. මෙකී සිව්කාණ්ඩයම සිව් හෙලය ලෙසත් පසුව එය සිංහලය වූ බවත් මෙන්ම සිංහයකුගෙන් පැවතැ එනැ නිසා සිංහල වූ බවත් ජනප්‍රවාද දෙකක් පවතී. කෙසේ නමුදු  ක්‍රමික සංවර්ධනයකින් පැවත ආවාවූ මෙසිරිකල සිහලුන්ට වසර දෙදහස් පන්සියයක තරම් ලිඛිත ඉතිහාසයකුත්, වසර පන්දහසක අලිඛිත ඉතිහාසයකුත් මොවුන් සතු වන්නේය.. විජය, උපතිස්ස, පඬුවස්දෙව් රජ ආදි රජවුරුන් රජ්‍යාරම්භය පිළීබඳව ලිඛිත සාධක ඉතිහාසය තුලින් හමුවේ.පරසතුරු උවදුරු නසා රට එක්සේසත් කල දුටු ගැමුණු රජු මෙන්ම සසුන රක්ෂා කල වලගම්බා වැනි රජුන්ද විදේශයන් පවා ආක්‍රමණය කල ගජබා වැනි රජ වරුන්ද සාහිත්‍ය පෝෂණය කල කුමාරදාස වැනි රජවරුන්ද වෛද්‍ය ශාස්ත්‍රයෙහි නිපුණ බුද්ධදාස රජවරුන් ආදි නේක විෂයපථ කෝවිද වූ රජවරුන් ලක් ඉතිහාසය පුරාවටම සඳහන් වේ. මෙකී රාජ්‍යා වලියක් මෙන්ම ඊට සරිලන අමාත්‍ය මණ්ඩළයක්, රණසූර සෙම්පතීන්, රාජ්‍ය සේවකයින් ලක් ඉතිහාසයේ විරළ නොවේ. ලොවැ ස්වර්ණමය භූමියක් වන මෙ සිරිලකට ආක්‍රමණයේ කැසකවමන් සිටි විදේශීය ආක්‍රමණිකයින්ගේ උවදුරු බහුල විය. මෙකී පින් බිමේ වාසනාවට දුර්වල වන හැම විටකම පාහේ ඉන් ගලවා ගැනීමට විවිධ වීර චරිත නිර්මානය වන්නේය එය අතීය තුලන් වර්තමානය තුලත් අපට දැකිය හැකිය. මෙහි වඩාත් වැදගත්ම කරුණ නම් ලකඟනගේ හිස පැළඳී කිරීටය මෙන් බබළන බෞද්ධ දර්ශනය සිහල රටේ නොමලව සධාතුකව පැවතීමයි. අප ශාස්තෘන් වහන්සේද පිරිනිවන් මඤ්චකයේදී ද වදාළේ *පතිතිංසති දේවින්ද ලංකායං මම සාසනං* යනුවෙනි (“දේවේද්‍රය මගේ සසුන පවතිනුයේ ලංකාවේය”.) අප ලංකාද්වීපයේ ප්‍රසිද්ධව මෙන්ම අප්‍රකටවද සැඟව ගිය සිංහල වීරවරු අපමණය. අප බලාපොරොත්තුව එසේ කාලයේ වැලි තලාව අතර සැඟව ගිය අභිත පරපුරක අතීත ගවේෂණයකි මේ.


මායාදුන්න පියරජු මරා මරජ රාජ්‍යයත්වයට පත් පළමුවන සීතාවක රාජසිංහ රජු හින්දු දහම වැළඳගෙන කල බෞද්ධ, ජාතික සංහාර සිදුවන සමයේ ඊට විරුද්ධව නැඟී සිටි අබීත පරපුරකි “ගලගොඩ”. මෙකී ජාතික සටනට අත්පොත් තබන්නේ පේරාදෙණිය වළව්වේ ගලගොඩ වීර සුන්දර බණ්ඩාර විසිනි. මෙවක් පටන් සිංහල රජුන් තැනීම, සසනාරක්ෂණය, ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවන්නට යුහුසුළු වූ බවට අතීතය පුරාවට ඓතිහාසික සාධක මඟින් හෙලිවේ. විමල ධර්මසූරිය රජු ද මෙකී ගලගොඩ පරපුරෙන් පැවත එනැ රජ කෙනෙකි. එපමණක් ද නොව දළඳා වහන්සේගේ ආරක්ෂාවට සිංහල රජුගේ ආරක්ෂාවට දිවි හිමියෙන් කැප වූ මෙම පරපුර ඓතිහාසික සෙකණ්ඩශෛල පුර හේවා විස්ස ග්‍රාමයේ ගලගොඩ ග්‍රාමය නිජබම බව ඓතිහාසික සාක්ෂි මඟින් තහවුරු වෙයි. ඒ කෙසේ වෙතත්  දක්ෂ රණ ශූරයින් මෙන්ම රජුගේ සිංහල විශ්වසනීයත්වයක් ‍පක්ෂපාතිත්වයත් නිසාම සිංහල රජුගේ මහාමාත්‍ය ධූරය, අධිකාරම් ධූරය, සෙම්පති ධූරය, දිසාවේ - මහ දිසාවේ වැනි කීර්තිමත් තනතුරුද සඳහා මොවුන්ගේ දායකත්වය හිමිව ඇති අතරම 1818 කැරැල්ලේ පෙරගමන් කරුවෝද වන්නේය. පෘතුග්‍රීසි ආදි විදෙස් ආක්‍රමණ නිසාවෙන් විජාතිකයින් හිස එස වූ කල ගලගොඩ වරුන් පවුල් පිටින් සමූළ ඝාතණයට ද රටින් පිටුවහල් කරණයට ද ලක්වීය. මේ ඓතිහාසික පසුබිමයි.


මෙබඳු පසුබිමක් මත වුවද අදටත් ‍මෙම අභීත පරපුර මෙලක පුරාවට ගලගොඩ වරුන් අප්‍රකටව සිටීමම සතුටට කරුණකි. උක්ත අසාධාරණයට ලක් වූ අප පරපුරට සාධාරණය උදාකරනු වස් අප විසින් “weera galagoda society වීර ගලගොඩ සංගමය" ඇරඹණු ලැබීය. සියලු ගලගොඩ අප ඥාතීන් හඳුනා ගැනීමටත් ඒ ඒ ඥාතිත්වයන් ඉදිරියටත් පවත්වා ගෙන යාමටත් උක්ත අප පරපුරෙහි වත්මන් උපයෝගීතාවයත් සමාජ නියෝජනය කිරීමත්  මෙහිලා අප බලා පොරොත්තු වන්නෙමු. මේ සඳහා සලෝහිත ගලගොඩ වරුන්ටත් සීහල ඔබ හැමටත් ‘එන්න අප සමඟ අත්වැල් බැඳ ගන්න’ ආරාධනාව කරන්නට කැමති සේම අප සංසදය නියෝජනය කිරීම සඳහා අපගේ නිල බ්‍ලොග් අඩවිය ලෙස මෙය භාවිත කරන බව කාරුණිකව ඔබ හැම දෙනා වෙන ගෞරවයෙන් සිහිපත් කර සිටුමු..


                                            රත්නත්‍රයේ පිහිටයි!...


 මේ වගට
වීර ගලගොඩ සංගමය - ඌව වෙල්ලස්ස..        
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. Could you please kindly send me an e-mail contact of the owner of this web page. My e-mail samanmalee7@hotmail.com

    ReplyDelete
    Replies
    1. please join with facebook page

      https://www.facebook.com/weeragalagodasociety/

      Delete
    2. https://www.facebook.com/weeragalagodasociety/ අපගේ නිල ෆේෂ්බුක් පිටුව හරහා ඔබට අපව පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි වේවි... ස්තූතියි...

      Delete