ගලගොඩ පරපුරෙන් බිහි වූ පළවෙනි විමල ධර්ම සූරිය රජු



          ගලගොඩ පරපුරෙන් බිහි වූ පළවෙනි විමල ධර්ම සූරිය රජු                
            


http://weeragalagodasociety.blogspot.com/2015/02/king-wimaladharmasuriya-i.html
ලිපියේ සිංහල අනුවාදයයි...

                    බ්‍රාහ්මණ ගුරුවරුන් වේ වැල අකීකරු රාජකුමාරවරුන් දඬුවම් කිරීම සඳහා හොදාගැනීම පසිද්ධ කාරණයකි.එසේම දුෂ්ට රජ කුමාරවරු පාළනය සඳහා කඩුව ද යොදාගත්තේ ය. එවැනි සිදුවීම් ඉන්දානු සහ ලංකා ඉතිහාසය පුරාවට පවතී. සුංග, කාලිංග, කණර, කාදම්බ වැනි රජ පෙළපත් ගොඩනඳනු ලැබුවේ එවැනි ආර්ය බ්‍රාහ්මීන් විසින් තම උවදෙස් වලට සවන් දීමට අසමත් වූ දුෂ්ට රජවරුන්ට විරුද්ධව ය.
ශ්‍රී ලංකාවේ විජය රජතුමාගේ මරණයෙන් පසුව වැඩ බලන රජු ලෙස බ්‍රාහ්මණ උපතිස්ස සේවය කොට ඇත. මහ වංසය අනුව පණ්ඩුල බ්‍රාහ්මණයා අනුරාධපුර යුගයේ සිටි ශක්තිමත් (පරපූර්ණ) උගතෙකි. ඔහු ක්‍රි:පූ:437-367 අතර විසූ පණ්ඩුකාභය කුමාරුට සිය මාමාවරු ඝාතනය සඳහා හමුදාව ද ලබා දුනි. විජය රජුගේ පැමිණීමේ සිට කලින් කල බොහෝ බ්‍රාහ්මණික සංකුමණ සිදුවිය. *පාණ්ඩ්‍ය, සාලියගම, කොන්කනී කේරළ ආන්ද්‍රා යන  ඔවුන් (මෙම සංක්‍රමණිකයින්) එකට එක් වී බුද්ධිමතුන්ගේ ශක්තියක් බවට පත් විය. විදේශ ආක්‍රමණ අතර බොහෝ අවාසනවන්ත කාලයකි කෝට්ටේ සහ සීතාවක යුගද්වය. ඇතැම් ද්‍රවිඩ ජන කොටස් හා යුරෝපීය ජන කොටස් වන පෘතුග්‍රීසීන් හා ලන්දේශීන් අප භූමිය බලෙන් අල්ලාගෙන (ආක්‍රමඛය කොට, ටයත්කොටගෙන) රට පාළන කරන්නට විය. ඇතැම් සිංක්‍රමණිකයින් සිංහල නම් භාවිත කරමින් බුදු දහම වැළඳගනිමින් රට පාළනය කරන්නට විය. ඓතිහාසික වාර්තාවලට අනුව ක්‍රි:ව: 1580-1592 අතර සිටි I රාජසිංහ රජු හා ඔහුගේ පියාවන මායාදුන්න පිරිසිදු සිංහලයින් නොවී ය. ඔවුන් පාණ්ඩ්‍ය පෙළපතකින් පැවත අවුන් ය.
I සීතාවක රාජසිංහ රජු තම පියා වන මායාදුන්න රජු මරා හින්දු ආගම වැළඳගත්තේ ය. I රාජසිංහ රජු හින්දු දහම ප්‍රතික්ෂේපිත මිනිසුන් දහස් ගණනින් ඝාතනය කළ බව වටිනා ඓතිහාසික වාර්තා සඳහන් කරයි. රාජසිංහ රජුට පක්ෂාතීන් බොහෝ බෞද්ධ වෙහෙර විහාර කඩා විනාශ කළේ ය.
ඇතැම්විට මහ නුවර  රාජධානියේ අවසානයේ අකාරුණික රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට වඩා I සීතාවක රාජසිංහ රජු දරුණු ය. මෙම උඩරට, උඩු නුවර, යටිනුවර, දුම්බර, ගම්පොළ, තුංපනේ, හාරිස්පත්තුව, හේවාහැට, වලපනේ, ඌව, කොත්මලේ, මාතලේ, සතර කොරළේ (වන්නි-අනුරාධපුර) වැනි ප්‍රෙද්ශවල බෞද්ධ නායකයින්ට තර්ජනයක් විය. එම ප්‍රදේශ වල සියපු නායකයින් එකට එක් වී පළමු පාණ්ඩ්‍ය රාජසිංහ රජුගේ පාළනය බිඳ දැමීමට සැළසුම් කළහ.  “පේරාදෙණිය වළව්වේ ගලගොඩ වීරසුන්දර බණ්ඩාර මෙම කුමන්ත්‍රණයේ ප්‍රධානියා වී ය. වීර සුන්දර බණ්ඩාර I රාජසිංහ රජුට සහ ඔහුගේ පෘතුග්‍රීසින් හා පැවැත් වූ මුල් යුද්ධ වලට උදව් කල අයෙකු  වුවත් බුදු දහම සහ රට ආරක්ෂා කරගැනීම ට පසුකාලයේ දී රජුට විරුද්ධ විය. නමුත් නමුත් කෙටි කාලයකින් වීර සුන්දර බණ්ඩාර කොටු කර රජු විසින් මරා දමන ලදී...
                                                                                                        (උඩරට විත්ති--පිටු:247-250)
මන්දාරම්පුර පුවත කාව්‍යයට අනුව විමලධර්මසූරිය බණ්ඩාර රාජසිංහ රජු විසින් මරා දැමූ වීර සුන්දරබණ්ඩාරගේ වැඩිමහල් පුතණුවන් ය. සකළ සූරිව බණ්ඩාර වීර සුන්දර බණ්ඩාරගේ බාල පුතා විය. වීරසුන්දර බණ්ඩාරගේ මව උරුලෑවත්ත බ්‍රාහ්මණ පවුළක් වූ අතර එම නිසා ඔහුව උරුලෑත්තේ විජේසුන්දර බණ්ඩාර නමින් හැඳින් විය.
                                                                        History of gampola:page no:142, (warasambodhi)
පේරාදෙණිය හිඳගල විහාරස්ථානයට ඉහල ඉඩමේ මාලිගාවක නටඹුන් හෝ නින්දගමක නටඹුන් තිබෙන බව ගම්පොළ ඉතිහාසය පෙන්වා දෙයි.
                                                                                                                          (I:B:I:D: page no: 142)
තම පියාගේ ඝාතනය සිදුවන විට තරුණ කොනප්ප බණ්ඩාර පේරාදෙණියේ ජීවත් වූ බව පැහැදිළිය.කෙසේ නමුදු තම ආදරණීය පියාගේ මරණට සීතාවක රජුගෙන් පළිගැනීද සහ රටත් ජනතාවත් බේරාගැනීමට ඔහු තීරණය කළේ ය. සීතාවක රජුට විරුද්ධව යුද්ධයක් කිරීමට නූතන යුද පුහුණුව සහිත සොල්දාදුවන් අවි අයුධ පතුරම් තිබිය යුතුය යන අවබෝධ කොටගෙන පහත රජ පාළනය කල පෘතුල්‍රීසීන් සමඟ සම්බන්ධ විය. ඉන් අනතුරුව ඔහු ගොවා සහ පෘතුගාලයට ගොස් සුපිරි යුද පුහුණුවක් ලැබී ය. මේ කාලයේ අග්‍රගණයේ රාජ්‍ය නිලධාරියෙක් වූ උදම්විට බ්‍රාහ්මණරාළගේ දුව විවාහ කොට ගත්තේ ය.
                                                                                                  (රාජාවලිය පිටු අංක: 160:සුරවීර)
දරු උපතේ ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ අලුත් බිරිඳ මිය ගියා ය. සම්පූර්ණ යුද්ධ පුහුණුවක් ලබූ සොල්දාදුවෙකු වී පළවෙනි රාජසිංහ රජුගේ සහ පෘතුග්‍රීසීන්ගේ බලයට විරුද්ධව නිදහස් අරගලය ආරම්භ කළේ ය. යුද පිටියේ දී දෝනකතරිනා හෙවත් කුසුමාසන දේවය ඔහුට හමු විය. ඇය පහතරට බ්‍රාහ්මණ මහ කප්පින වලව්වේ ගැබ්‍රියල් සොලස් හා කලුහත් කැතරිනා ද ඇබ්‍රෑ බෞතිස්ම කරන ලද සහ සේවයෙන් පහකරන ලද කරලියද්ද ජයවීර රජුගේ එකම දියණියයි. ගැබ්‍රියල් සොලස් යනු කොනප්පු බණ්ඩාරගේ පළවෙනි බිරඳට සහ දෝන කතරිනා කුමරියගේ දේවී මවට ලේ නෑ කමක් හිමි කැතරිනා ද අබ්‍රෑ ව විවාහ කරගත් පෘතුග්‍රීසි රදලයෙකි.
එහෙයින් ඒ වන විට වින්ඳඹුවක් වී සිටි දෝන කතරිනාව කොනප්පු බණ්ඩාර සමඟ විවාහ කරවන්නට කැතරිනා ද ඇබ්‍රෑ සැලසුම් කළේ ය. එය රටේ රජකම සඳහා කුමන්ත්‍රණයක් වී ය.
පූර්ව සැලසුම් වල ප්‍රතිඵලයක් හැටියට පෘතුග්‍රීසි හමුදා සමඟ උඩරටට පැමිණි දෝන කැතරිනාව සිංහල කැරලි කණ්ඩායම් හා කොනප්පු බණ්ඩාර විසිල් අල්වා ගන්නා ලදී. පෙර සැලසුම් කිසිත් නොදත් දෝනකැතරිනා යටත්ව ඔහුව විවාහ කරගත්තේ ය.
ක්‍රි:ව: 1593 සහ 1604 කාලය තුල රජකල කොනප්පු බණ්ඩාර හෙවත් විමල ධර්ම සූරිය ව උඩරට මහා සංඝනායක වන පූජ්‍ය දෙවනගල රතනාලංකාර හිමියන් විසින් ඔටුනු පළඳන ලදී.
                                                                                                            (
history of Uwa ;page no:152)
පාතහේවා හැට හේවා විස්සේ ගලගොඩ නැමැති කුඩාගම පස්වන බුවනෙකභාහු රජු විසින් බ්‍රාහ්මණ රාජකරුණා නවරත්නට පරිත්‍යාග කරන ලදී.
                                                                                                (සිළුමිණ 1985.09.09)
ගලගොඩ පරම්පරාවෙන් පැවැත එන අය ප්‍රධාන අධිකාරම්/ අධිකාරි/ දිසාවේ/ රටේ මහත්තයා ලෙස විවිධ රජවරුන් යටතේ සේවය කළේ ය.
A:C:B: ගලගොඩ රටේ මහත්තයා පේරාදෙණි වලව්වේ වීර සුන්දර බණ්ඩාරගෙන් ඍජු පරම්පරා වංශිකයෙකි. පළවෙනි විමල ධර්ම සූරිය රජු අවංකත්වයේළ විවසනීයත්වයේ සහ එඩිතර බවේ සංකේතයක් වූ අතර ඔහු අවුරුදු 11ක් රට පාළනය කොට 1604 දී සාමදානයේ සැතපුණි.
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment